එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් සිටින ගාලුමුවදොර අරගලකරුවන් හට පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට දේශපාලන පක්‍ෂයක් එකඟ වී ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් වාර්තාවේ.

ඊයේ (11) දින අරගලකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වූ මොහමඩ් ෆයිරූස් මහතා මෙම තොරතුරු සදහන් කරමින් ප්‍රකාශ කලේ, එහිදී අවසන් සාකච්ඡාව සාර්ථක ලෙස නිමවූ බවත්, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මේ සදහා ඉදිරිපත්ව ඇති බවත් ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් සදහන් කලේ දැනට තීරණය වී තිබෙන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුල තෝරාගත් පළාත් පාලන ආයතන කිහිපයක් සදහා පමණක් තරග වැදීමට බවත් ය.
එම පක්ෂයේ බැලුනය ලකුණින් මැතිවරණය සදහා තරග කරන බවත් දේවගේ මහතා පැවසීය.

මෙම එකගතාවය සදහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ මහතා, එහි විධායක සභාවේ සාමාජිකයන් සහ අරගලකරුවන් අතර අවබෝධතා ගිවිසුම අද (12) දින කොළඹ දී අත්සන් තැබීමට නියමිත බවත් වාර්තාවේ.

2006 වසරේදී පිලිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට දේශපාලන කටයුතු වල නිරත ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය 2018 දී පලාත් පාලන මැතිවරණයට තරග කල අතර අනතුරුව, ආචාර්ය අජන්තා පෙරේරා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස 2019 යේ ජනාධිපතිවරණයට තරග කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *