පසුගිය වර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී මෙම වසරේ උසස් පෙළ පංති වලට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසු දරුවන්ට ඔවුන්ගේ විධිමත් අධ්‍යාපන කාලයෙන් 9, 10 හා 11 ශ්‍රේණීවල අධ්‍යාපනය පාස්කු ප්‍රහාරය හා කෝවිඩ් ගෝලීය අර්බුදය නිසා අහිමිවීමේ ප්‍රතිපලය දරුවන්ගේ විභාග ප්‍රතිපල වලට සෘජුවම බලපෑමක් වූ බව නොරහසකි.

එවන් තත්වයක් මත වුවත් මෙරට සමස්ත සිසු ප්‍රජාව ඔවුන්ගේ දෙමාපියන් සමග ඉතා වෙහෙසවී යම් සාධනීය ප්‍රතිපල අත්කර ගනු ලැබූවද එම දරුවන් මීලග අධ්‍යාපන කඩ ඉමට සූදානම් වෙමින් තම උසස් පෙල අධ්‍යන කටයුතු සදහා විෂය ධාරාවන් තෝරා ගැනීමේදී බොහෝ පාසල් ඒ සදහා අමාත්‍යාංශ චක්‍රලේඛන හුවා දක්වමින් දරුවන්ගේ සිහින බොදකර දමන තත්වයක් උද්ගතවී ඇත.

විශේෂයෙන්ම මේ තත්වය උදාවී ඇත්තේ විද්‍යා හා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන්ටය. එයට හේතුව එම සිසුන් සාමාන්‍ය පෙළ සියළුම විෂයයන් සමත්වුවද විද්‍යා අංශ‍යෙන් උසස් පෙළ හැදෑරීම සදහා විද්‍යාවට සම්මාන සාමාර්ථයක් ද ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම සදහා ගණිතයට සම්මාන සාමාර්ථයක් ද තිබීම අනිවාර්ය බවට බොහෝ පාසල් වලින් සිසුන්ට දන්වා ඇති නිසාය.

පැවති අයහපත් වාතාවරණය තුල මෙම තීරණය සාධාරණ නොවන බව මේ තත්වයට මුහුණ දුන් බොහෝ දෙමාපියන් පෙන්වා දෙයි. මින් සමහර සිසුන් අපොස සාපෙළ විභාගයට පෙනී සිට සියළු විෂයයන් සමත් වූවන් වුවත් සමහරුන් ගණිතයට හෝ විද්‍යාවට සාමාන්‍ය සමර්ථ ලබා තිබීම මත ඔවුන්ට විද්‍යා විෂයයන් හෝ ගණිත විෂයයන් හැදෑරීමට ඔවුන් දැනට ඉගෙනුම ලබන පාසල් වලින්ම අවස්ථාව නොදීම් වාර්තාවී ඇත.
මේ තත්වය පිලියන්දල කලාපයේ පාසල් කිහිපයකින්ම වාර්තා වන අතර එම සිසුන්ට අවශ්‍ය නම් වාණිජ්‍ය හෝ කලා විෂයයන් හැදෑරීමට ඉඩ ලබාදිය හැකි බව අදාල පාසල් වලින් පවසා ඇති බවත් වාර්තා වේ.

දෙමාපියන් පවසන්නේ මෙය ඉතා අසාධාරණ තීරණයක් වන බවයි.

වසර 03 ක් විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබූ නමුත් උපකාරක ගුරුවරුන්ගේ හා දරුවන්ගේ කැපවීම නිසාම මෙවැනි ආකාරයට හෝ ප්‍රතිපල ලබාගත් සිසුන්ට එම තත්වය නොසලකා සාමාන්‍ය කාලසීමාවක පරිදි කටයුතු කර උසස් අධ්‍යාපනයට සීමා දැමීම ගැන බළධාරීන්ගේ අවධානය යොමුකර සිසුනට තමන් හැදෑරීමට බලාපොරොත්තු වන විෂයයන්ට අදාලව සාමාර්ථයක් තිබේනම් ඒ සදහා අවස්ථාව ලබාදීමට කටයුතු කල යුතු බවත් දෙමාපියන්ගේ ඉල්ලීමයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *