මොනරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් ගංජා කිලෝ 20 ක් (පැල 500) සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

බුත්තල එස්ටීඑෆ් කඳවුරේ නිළධාරීන්ට නිධානයක් ගොඩගැනීමක් සම්බන්ධව ලද බුද්ධි තොරතුරක් මත මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළරථය පරීක්ෂාවට ලක් කර ඉන් අනතුරුව මොණරාගල පිහිටි ඔහුගේ නිවස සෝදිසි කිරීමේ දී මෙම ගංජා තොගය සහ පොළව අභ්‍යන්තරය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක්ද හමුව තිබේ.

මෙම පොලිස් නිළධාරියා පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී මීගමුව බාර පොලිස් අධිකාරීවරයා ලෙස රාජකාරි කළ අතර පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසම් වාර්තාව මගින් රාජකාරිය පැහැර හැර ඇති නිලධාරියෙකු ලෙස නිර්දේශ කර තිබූ බවත් වාර්තා වේ.

කැබිතිගොල්ලෑව උපන්ගම වූ එස්එස්පී සිසිර කුමාර හේරත් උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්ව ඇති අතර කලක් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස ද රාජකාරි කර ඇත.

පාස්කු කොමිසම් වාර්තාව ඉදිරිපත්වීමෙන් පසු මොහු තවත් නිළධාරීන් සමග 2021 අගෝස්තු 19 දා අස්ගිරි පාර්ශවයේ නායක හිමි හමු වී පාස්කු ප්‍රහාරය නිසා සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්ගෙන් පළිගන්නවා යැයි මාධ්‍යයට ප්‍රකාශයක් ද කරමින් ඔහු නීතිගරුක පොලිස් නිලධාරියෙකු බවත් කියා සිටියේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *