Post Views: 361 ශ්‍රී ලාංකික ප්‍රජාව දේශපාලනිකව,ආගමිකව හා සාමාජීයව බෙදී තම පක්ෂ,පාට සාමාජිකත්වය තරකර ගැනීමට විවිධ ප්‍රචාරක උපක්‍රම සිදුකරමින් එකිනෙකා පරයමින් කටයුතු කරයි. මේ අතර විදේශයන් වල අප රට සම්බන්ධව ඇත්තේ කුමනාකාරයේ අදහසක්ද යන්න මේ වනවිට රුමේනියාවේ ශිෂ්‍ය වීසා මත අධ්‍යන කටයුතු කරන ශ්‍රී ලාංකික සිසුවියක් සමාජ මාධ්‍ය වල පල කර ඇත. මේ එම සටහනයි, “මම රුමේනියාවට ඇවිල්ලා ඉන්නෙ student visa මත. අපිට residence permit එක ගන්න මෙහෙ බැංකුවක ගිණුමක් විවෘත කරලා සල්ලි දාල statement එකක් ගන්න ඕන. අද මාත් තව ශ්‍රී ලංකාවෙන් ගියපු මගෙ සහෝදර ශිෂ්‍යයන් 5 දෙනත් උදේ ඉඳන් මෙහෙ තියෙන බැංකු ගණනාවකට ගියා ගිණුම් විවෘත කරගන්න. ඒ හැම තැනින්ම කීවෙ ගිණුම විවෘත කරන්න approval එක ගන්න ඕන ඒකට සති දෙකක්වත් යනවා කියලා.අපි බැංකුවක් හොය හොය ඇවිදින අතරෙ මොරොක්කෝ වලිනුයි බුරුන්ඩි රාජ්‍යයෙනුයි ආපු අපෙ Faculty එකේ ළමයි දෙන්නෙක් ම කීවා එයාලට ගිය ගමන් ගිණුම් විවෘත කරල දුන්න කියලා සහ බංගලාදේශය ආදී අනෙක් රටවල අයයි හැමෝම එක දවසෙන් accounts open කරගත්තා කියලා.ඊට පස්සෙ ගියපු Bancă Transilvania කියන බැංකුවේ ශාඛාවකට ගිහින් කතා කලාම ඒ නිලධාරියා අදාළ ලියකියවිලි අරගෙන තොරතුරු system එකට දාල අන්තිමට අර සති දෙකේ approval කතාව කීවා.මං බැංකුව නිලධාරියගෙන් ඇහුවා, ” Bangladeshi students studying with us have been opened their accounts on the same day. Why can’t we do that?” කියලා.ඇත්තමයි ඔහු උත්තර දුන්නෙ කරන්න බැරි හේතුවට සමාවෙන්න කියන දේ කිහිපවරක්ම කියලා. ඔහු කියපු දේ තමයි ” Bangladesh is not a country with risk. But Sri Lanka is in a huge crisis. So we cannot open an account without permission.” ඒකඅපිට කියන එක හරි නැති නිසාලු සති දෙකක් යනවා කියල හැම තැනින්ම කියන්නෙ.මට ඇඩුනා පුදුම අසරණ බවක් දැනුනෙ. මම ඔහුට පැවසුවා මාගේ වීසා කාලය පෙබරවාරි 27 දින අවසන් වන බවත් ඊට පෙර මා Temporary Residence Permit සදහා අයදුම් කළ යුතු බවත්. නමුත් ඔහුට එම අවස්ථාවේ කිසිවක් කල නොහැකි බවත් එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බවත් ඔහු පැවසුවා.පුළුවන් නම් අපේ රට පිළිබඳ ව ලෝකෙ අනෙක් රටවල් දරණ ආකල්පය කුමක්ද කියල තේරුම් ගන්න.රුමේනියාවත් මෙහෙම කරනවනම් අනිත් රටවල් ගැන කවර කතාද? තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතනව නම් පුළුවන් ඉක්මනින් ශ්‍රී දූපතෙන් පිටවෙන්න ක්‍රමයක් හදාගන්න.චතුරිකා ජයංගනී කස්තුරි ආරච්චිරුමේනියාවේ Cluj-Napoca සිට අප රටට තව දුරටත් ණය මත යැපීමට නොහැකි බවත් මෙරට පාලන ක්‍රමවේදය පිළිබදව ලෝක ප්‍රජාවට විශ්වාසයක් නොමැති බවත් මේ හරහා ගම්‍ය වන ප්‍රධානතම කරුණ බව තේරුම් නොගත හොත් ඉදිරි කාලය තවත් බරපතල වනු ඇති බව මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු පැවසීය. Post navigation කොටි මරා දැමූ පළමු සෙබළියගේ පියා. සිය මතකය අවධිකරයි.“හැම අවුරුද්දකම ජනවාරි 2 වෙනිදා මේ කමිසය අඳිනවා පුතේ” FACETS Sri Lanka 2023 from January 7th to 9th in Colombo