Post Views: 302 2022 වසරේ ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැන් හිමිකරගෙන සිටි එලෝන් මස්ක් මෙවර නවතම ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇත. පසුගිය වසර පුරාවටම ඔහු හිමිකාරීත්වය දරන ටෙස්ලා සමාගමෙහි කොටස් වල අගය පහත වැටීම නිසා ඔහුගේ වත්කම් ඉතාම සීඝ්‍රලෙස පහත බැසීම මත ඔහු මෙසේ දෙවන තැනට පත්විය. මේ අතර මෙම ලැයිස්තුවේ ආසියානූ කලාපයෙන් සිටින දෙදෙනාම ඉන්දියානුවන් වීමත් විශේෂත්වයකි. ඉන් අදානී සමූහයේ ප්‍රධානී ගෞතම් අදානී ලෝක ධනවතුන් අතර තෙවැනි තැන හිමිකරගෙන සිටින අතර රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ප්‍රධානී මුකේෂ් අම්බානී අටවන තැන හිමිකරගෙන සිටී. ලොව පලමු ධනවතුන් 10 දෙනා අතර සිටින ලාබාලතමයා ලෙස ගූගල් අයත් ඇල්පබට් සමාගමේ සමනිර්මාතෘ ලැරී පේජ් ස්ටහන්ව ඇති අතර ඔහුගේ වයස අවුරුදු 49 කි. බර්නාඩ් ආර්නෝල්ට් (Bernard Arnault), වයස: 73, පදිංචිය: පැරිස්, ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති: LVMH (LVMUY), ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 172.9 කි. එලොන් මස්ක් (Elon Musk), වයස: 51, පදිංචිය: ටෙක්සාස්, සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී: ටෙස්ලා, ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 168.5 ගෞතම් අදානි (Gautam Adani), වයස: 60, පදිංචිය: ගුර්ගඕන්, ඉංදියා, නිර්මාතෘ සහ සභාපති: අදානි සමාගම් සමූහය, ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 125 බිල් ගේට්ස් (Bill Gates), වයස: 67, පදිංචිය: වොෂින්ටන්, සම-නිර්මාතෘ: Microsoft (MSFT), ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 115 ජෙෆ් බෙසෝස් (Jeff Bezos), වයස: 58, පදිංචිය: වොෂින්ටන්, නිර්මාතෘ සහ විධායක සභාපති: Amazon (AMZN), ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 114 වොරන් බෆට් (Warren Buffett), වයස: 92, පදිංචිය: නෙබ්‍රස්කා, ප්‍රධාන විධායක නිලධාරී: බර්ක්ෂයර් හැත්වේ (BRK.A), ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 108 ලැරී එලිසන් (Larry Ellison), වයස: 78, පදිංචිය: හවායි, සම-නිර්මාතෘ, සභාපති සහ CTO: Oracle (ORCL), ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 93.7 මුකේෂ් අම්බානි (Mukesh Ambani, වයස: 65, පදිංචිය: මුම්බායි, ඉන්දියාව, හිමිකරු: Reliance Industries, ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 89.6 කි ස්ටීව් බෝල්මර් (Steve Ballmer), වයස: 66, පදිංචිය: වොෂින්ටන්, හිමිකරු: ලොස් ඇන්ජලීස් ක්ලිපර්ස්, ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 89.3 ලැරී පේජ් (Larry Page), වයස: 49, පදිංචිය: කැලිෆෝනියාව, සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික: Alphabet (Google)ශුද්ධ වටිනාකම: ඩොලර් බිලියන 86.9 Post navigation FIFA World Cup 2022 Final: Google records highest-ever traffic in 25 years චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගීවීමට ජනපති එංගලන්තයට.