සමස්ත ලෝකවාසී ජනතාව අතුරින් සුවිශේෂි ලෙසට 2023 වසර උදාව දෙවරක් සැමරීමට වාසනාව ලද පිරිසක් ලෙස ලෝක ඉතිහාසයට එක්වන ජනතාවක් මෙවර වාර්තා විය.

ඔවුන් නම්, යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානයෙන් ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12.16 ට ගමන් අරඹා 2022 දෙසැම්බර් 31 දා පස්වරු 5.23 ට තම ගමනාන්තය කරා ලගාවූ ගුවන් මගීන් පිරිසකි.

මෙම යූ.ඒ 858 නම් වූ ගුවන් යානය දකුණු කොරියාවේ සියොල් නුවරින් 2023 වසර උදාවත් සමග ජනවාරී 01 පෙරවරු 12.16 ට පියාසර කිරීම ආරම්භ කර එහි ගමනාන්තය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ලගාවූයේ 2022 වසරේ දෙසැම්බර් මස 31 දින (31) පස්වරු 5.23 ට ටය.

මෙම මගීන්ට දකුණු කොරියාවට 2023 නව වසර උදාව සැමරීමෙන් අනතුරුව ගමන් අරඹා ඔවුන්ගේ ගමනාන්තය වූ ඇමරිකාවේදීත් යලි 2023 නව වසර උදාව සැමරීමට හැකිවිය. ලෝකයේ විවිධ කලාප වල පිහිටීම අනුව ඇති කාල වෙනස නිසා මෙම සුවිශේෂී අවස්ථාව ඔවුන්ට ලැබී තිබුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *