Post Views: 258 කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996 ක ඉදි කිරීම් කටයුතු මේ වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකරනු ලබන අතර ඒ සදහා චීන රජය යුවාන් මිලියන 552 ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරනු ලබයි. මේ සදහා වන ගිවිසුම පසුගිය වසරේ අත්සන් තබා තිබූ අතර මේ ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 1,888 ක් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදි කෙරෙනු ඇත. පෑලියගොඩ, මහරගම, මොරටුව, දෙමටගොඩ ප්‍රදේශවල මේ නිවාස ඉදි කෙරෙන අතර කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතිය කොට්ටාව ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. Post navigation ජනතාවට කරන්ට් වද්දන විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට. නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා වැඩ බාරගනී.