Post Views: 258 විදුලි ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. යෝජිත නව සංශෝධන මගින් විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව ද වැඩි කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. මේ වන විට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 29 යි ශත 14 ක් වැය වන බවත් එම ගාස්තුව රුපියල් 48 යි ශත 42 දක්වා ඉහළ දැමීමටත් නියමිතව ඇත. විශේෂයෙන් මෙහිදී කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20 ක ගාස්තුව රුපියල් 26 ක් දක්වා වැඩිකර ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම වන ගාස්තුව ද රුපියල් 26 ක් ලෙස පවත්වාගෙන යාමට යෝජිතය.එයට අමතරව රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,200 දක්වා ඉහළ දැමීමටත් රුපියල් 1,500 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,600 ක් කිරීමටත් යෝජිත ය. එමෙන්ම, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 ට අඩු කාණ්ඩයට රුපියල් 25 ක් පැවති ඒකකයක මිල රුපියල් 40 ක් දක්වා ත් හා ඒකක 180 ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32 ක ඒකකයක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී ඇත.එහි රුපියල් 360 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,000 දක්වා වැඩි කිරීමට ත් රුපියල් 1,500 ක ස්ථාවර රුපියල් 1,600 දක්වා වැඩි කිරීමටත් නියමිතය. ආගමික ස්ථානවල ගාස්තු ඉහල දැමීමේදී ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතන සඳහා ලබා දී ඇති පළමු ඒකක 30 සඳහා වන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර මුල් ඒකක 30 ට අය කළ රුපියල් 90 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත. මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ සදහන් කරන ලදී. Post navigation 2023 පළමු හදිසි මරණය ලෙස පාසල් සිසුන් දෙදෙනකුගේ මියයාම මාතරින් වාර්තාවේ. නව වසරේදී කලාකරුවන්ට නිවාස යෝජනා ක්‍රමයක් ඇරඹේ.