Post Views: 532 බොට්ස්වානා හි වාර්ෂිකව පවත්වනු ලබන “මිස් ටීන් ඉන්ටනැෂනල් බොට්ස්වානා” 2021 තරඟයෙන් ශ්‍රී ලාංකික යුවතියක් වන 17 හැවිරිදි ගිම්හානි පෙරේරා ජයග්‍රහණය කර තිබේ. බොස්ට්වානා රාජ්‍යයේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එහි මූලික වටය සදහා තරුණියන් 42 දෙදෙනකු ඉදිරිපත් වී සිටි අතර ඉන් අවසන් වටය සදහා ගිම්හානි පෙරේරා ඇතුළු තරගකාරියන් 14 දෙනෙකු තරග වදින ලදී. ඔවුන් අතුරින් ගිම්හානි පෙරේරා එරට “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි. එහි අවසන් වටයේ තරගය ඊයේ (19) පැවැත්වුණ අතර අවසන් තරගකාරියන් සැම අභිබවමින් ගිම්හානි පෙරේරා කිරුළ හිමිකර ගත්තාය. ඒ අනුව බොස්ට්වානා රාජ්‍යය නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට ඇය සුදුසුකම් ලබන බව එරට වාර්ථා සදහන් කරයි.ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන ගිම්හානිගේ පියා වන ඉන්දික පෙරේරා මහතා 1990 වසරේ එරට පදිංචියට ගොස් ඇත. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ගිම්හානි “ඉංදියාවේදි පැවැත්වෙන තරගයෙන්ද ජය ගැනීම තම අභිප්‍රාය වන බවත්” ඉදිරියේදීත් තමන්ට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලමින් ඇය සිය ආධාර කරුවන්ට සහ සුබපැතුම් වලට ස්තූති කළාය. Post navigation ඇෆ්ගනිස්ථානයේ නිදහස් මාධ්‍යයේ අවසානය එලඹ ඇත. කාන්තා වාරණය ඉදිරියටම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රාජ්‍ය නායක සැසිවාරය අද ආරම්භ කෙරේ.