Post Views: 431 අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 19 වැනි ගුණ සමරු පිංකම අද (26) උන්වහන්සේ උපන් ගම වන ගංගොඩවිල දෙල්කඳ හයිලෙවල් ප්ලාසා ඉදිරිපිටදී ඇති ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුනි. ගංගොඩවිල සෝම හිමිපාණන් ආගමික හා සමාජීය මෙහෙය ගැන අතීත මතක ආවර්ජනය කරමින් අනුශාසනාව කල ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේවෙල දේවරක්ඛිත හිමිපාණෝ, සෝමහිමියන් රටේ වැඩි ජනතාවකට ජිවිතාවබෝධය ලබාදෙනු සදහා ජාතික රූපවාහිනිය සමග සම්බන්ධව ධර්ම සාකච්ඡා, ආගමික වඩසටහන් හා තවත් දැනුවත් කිරීම් රැසක් සිදුකල යතිවරයෙකු බව සදහන් කලහ. ගංගොඩවිල බොදු පදනමේ සභාපති දේශමාන්‍ය ජයන්ත ජයමාන්න මහතා අදහස් දක්වමින්, සෝමහිමිගේ වටිනාකම් කියා නිමකල නොහැකි බවත් එම කරුණ නිසාම සෑම වසරකම මෙම ගුණානුස්මරණ වැඩසටහන අඛන්ඩව සිදුකරනු ලබන බවත් සදහන් කරන ලදී. මෙම අවස්ථාවට ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ සොයුරු පත්මසිරි වීරතුංග මහතා සහ ගංගොඩවිල බොදු පදනමේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ගංගොඩවිල බොදු පදනම විසින් සංවිධානය කළ මෙම පිංකමේදී සෝම හිමිපාණන්ට අමතරව අපවත්වී වදාළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමිපාණන්, අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන්, අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්,පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්, ඇතුළු තවත් විහාරාධිපති හිමිපාණන් වහන්සේලාගේ ඡායාරූප තබා උන්වහන්සේලා ද අනුස්මරණය කරනු ලැබූහ. Post navigation ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය සමරා විශේෂ වැඩසටහනක්. “සක්වල” වැඩසටහනින් සජිත්ගේ 53 වැනි බස් රථ පරිත්‍යාගය අතුරුගිරිය විද්‍යාලයට.