Post Views: 454 පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් තෝරා ගැනීම සදහා මේ වන විට අයදුම්පත් කැදවා ඇත.පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළව ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව විසින් 2022.10.05 දින සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කෙරේ. අයදුම්කරුවන්ට එකී කාරක සභා විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුම /වෘත්තිමය පළපුරුද්ද /නිපුණතාව තිබිය යුතුය.එසේම අයදුම්කරුවන් අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතු ය. මේ අනුව ඊට අදාළ සියලු විස්තර සහිතව පුවත්පත් දැන්වීම් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පළ කිරීමට මේවන විට කටයුතු කර ඇත.පුවත්පත් දැන්වීමේ සදහන් ආදර්ශ ආකෘති පත්‍රයට අනුව පිළියෙල කරගත් අයදුම්පත් අධ්‍යාපන/ වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් ද සමග 2023 ජනවාරි 09 දින හෝ ඊට පෙර ලැබෙන සේ “පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. Post navigation President participates in Colombo Law Faculty 75th Diamond Jubilee ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය සමරා විශේෂ වැඩසටහනක්.