Post Views: 261 කොළඹ නගරය හා මෙරට නාගරික ප්‍රදේශ ආශ්‍රිතව දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව ඉහළ යමින් පවතින බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල මහතා සඳහන් කරයි. ආචාර්ය සුගතපාල මහතා මේ අදහස් පලකලේ, ඊයේ (09) කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්වුනු වැඩසටහනකදී ය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 2020 දී මෙරට එක් පුද්ගලයෙකු දිනකට ග්‍රෑම් 400 ක් පමණ අපද්‍රව්‍ය පරිසරයට මුදාහරින ලද බව සඳහන් කළ අතර මේ වන විට දී එම ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ද පැවසීය.මේ තත්ත්වය රටක් ලෙස ඉතා අයහපත් පාරිසරික ගැටලුවක් වන බවත් ප්‍රබල සමාජ හා ආර්ථික ගැටලු ඇති කිරීමට හේතුවක් වන බවත් සඳහන් කළ ආචාර්ය සුගතපාල මහතා මෙරට සෑම පුද්ගලයෙකුම තම සාමාජීය වගකීම ගැන අවබෝධයක් ඇති කරගෙන අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර ගැනීමට පුද්ගලිකව තම දායකත්වය ලබා දීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කරන ලදී. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කල පාරිසරික ජනමාධ්‍යකරණය පිළිබඳ මෙම දෙදින වැඩමුළුව මෙයට පෙර දිවයිනේ පළාත් කිහිපයක පැවැත්වුනු අතර ඊයේ සහ අද (09-10) පැවැත්වෙනුයේ එහි බස්නාහිර පළාත් වැඩසටහනයි. මේ සදහා ජනමාධ්‍යවේදීන් මෙන්ම හරිත වාර්තාකරණය පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව නියෝජනනය කරන තෝරාගත් පිරිසක් සහභාගී විය. Post navigation Coordinated assistance program supported by multilateral financial institutions is required for Sri Lanka’s recovery – WB, ADB, IMF, AIIB President participates in Colombo Law Faculty 75th Diamond Jubilee