Post Views: 239 සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු දෙකකට වරදකරු කරමින් හිටපු මහේස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී.එස්. මෙරෙන්චිආරච්චි නමැති අයට මෙලෙස අධිකරණය මගින් දඬුවම් නියම කල නමුත් මේ වන විට විත්තිකාරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඇයට වරෙන්තු ද නිකුත් කළේ ය. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක වත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500 ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5,000ක දඩය රු. 2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි. Post navigation ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී. විදුලි උපකරණ ගබඩාවක විශාල ගිනි ගැනීමක්