Post Views: 261 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය 2022 වෙනුවෙන් සංවිධානය කර තිබූ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුනි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ කටයුතු ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය. මෙහිදි ආවාස් ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය මගින් ආබාධ සහිත තැනැත්තන් 15 දෙනෙකු සදහා නොමිලයේ කෘතීම පාද ප්‍රධානයක් ද සිදු කරන ලද අතර අබාධ සහිතව විවිධ ජයග්‍රහන ලත් දක්ෂයින් සදහා සම්මාන ප්‍රධානයක්ද සිදු කෙරුනි. කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ආබාධිත සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයන් සහ දිවයින පුරා විවිධ ප්‍රදේශ වලින් පැමිණි විශේෂ අවශ්‍යතා සහිත පිරිස් ද මේ සදහා එක්ව සිටියහ. Post navigation 15 හැවිරිදි පාසල් සිසුවා සිපගනිමින් ගුරුවරිය කියාදුන් අමුතු පාඩම. මහේස්ත්‍රාත්වරියකට එරෙහි වසර 13 ක් පැරණි නඩුවටකට බරපතල වැඩ සහිත සිර දඩුවම්.