15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 හැවිරිදි තිදරු මවකි. අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ (පුංචි අම්මා) භාරයේ හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.

සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කියයි. පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී “සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ” “ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැකගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මේ බව දරුවාගේ මවට දැන්වීමෙන් පසුව ඇය දින කිහිපයක් ඇතුලත මෙරටට පැමිණ සිද්ධිය පිළිබදව මොරගහහේන පොලීසියට හා හොරණ කළාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර ඇත. අධ්‍යාපන කාර්යාලයෙන් චෝදනා ලත් ගුරුවරිය වෙනත් පාසලක වෙත මාරුකර යවා ඇති අතර පොලිස් විමර්ශණ අනුව ඊයේ(01) දින අදාල ගුරුවරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලීසිය ඇයව අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *