Post Views: 392 පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කරමින් “මින් ඉදිරියට අරගල කර ආණ්ඩු පෙරලීමට ඉඩ නොතබන බවත් එසේ අරගල කිරීමට පැමිණියහොත් හමුදාව හා හදිසි නීතිය යොදවා එවා පාලනය කරන බව” පැවසීය. මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අරගලයේ ක්‍රියාකාරිකයන් විසින් ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වමින් පිළිතුරු දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ අරගල ක්‍රියාකාරික ජනිත දිසානායක සදහන් කලේ,“ජනාධිපතිවරයා සිතාගෙන සිටිනුයේ මේ රටේ මිනිසුන් අරගල කරනුයේ දේශපාලකයන්ට වුවමනා වන විට බවයි. ඒ වගේම ජනාධිපති කියන විදිහට මේ රට විනාශ කරල තියෙන්නෙ අරගලකරුවන් නමුත් මේ රට මේ තත්වයට පත් කළේ දේශපාලකයන් බව ජනතාවට අමතක කරවන්න බැහැ කියන එක ඔහු මතක තබා ගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ 225 ම හිතාගෙන ඉන්නේ ජනාධිපති රනිල් කියන්නේ ඔවුන්ගේ ආරක්ෂකයා ලෙසටයි නමුත් රනිල් යනු කපටි ආරක්ෂකයෙකු බව ඔවුන් ඉතාම ඉක්මනින් අවබෝධ කරගනු ඇති” බව සඳහන් කරන ලදීඑමෙන්ම, ජනපති වෙන්න බෞද්ධ උණ රනිල් බුද්ධාගම ආරක්ෂා කරන්න කතා කිරීම විහිළුවක් යනුවෙන්ද පැවසීය මෙහිදී අදහස් දැක්වූ ධානිෂ් අලී, “මෙම අර අරගලය පෙරටුගාමීන් හෝ වෙනත් පක්ෂයකට අයත් දෙයක් නොවන බවත් මෙය රටේ පීඩාවට පත් ජනතාවගේ නැගිටීමක් බවත්” පැවසීය. “ඒ වගේම ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි ඔහු සමග ඩීල් දමා තිබෙන්නේ අරගලකරුවන් නොවන බවත් රනිල් කියන විදියට ජේවීපී එක ඔහුගේ ප්‍රධානතම ඩීල් කරුවා බවත් සඳහන් කරන ලදී. මෙහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල, සඳහන් කළේ රනිල් ගේ අලුත්ම නාමය “හිච්චි හිට්ලර්” බවත්, මෙතෙක් දිනක් කොළඹින් පිට පළාත්වල තිබූ පාසල් සිසුන්ගේ මන්දපෝෂණය හා ආහාර හිඟතාවය කොළඹ පාසල් සිසුන් කරාද පැමිණ ඇති බව පසුගිය දින කිහිපය පුරාවට වාර්තා වූ බව සඳහන් කළ අතර කොළඹ පාසල් පුරා මේ වන විට දී පාසල් සිසුන් මන්දපෝෂණ තත්ත්වයෙන් මෙන්ම ආහාරය හිගතාවයෙන් පෙළ බවත් පැවසීය. Post navigation අයිස් වලට මරණ දඩුවම දෙමින්, අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත බලාත්ම කෙරේ. වද සැත්කම් චෝදනාවෙන් බැට කෑ වෛද්‍ය සාෆි ගේ දියණිය සා/පෙළ A 9 ක් ගත් අනුවේදනීය කථාව