පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) යන පනත් කෙටුම්පත ඊයේ (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග(සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
අදාළ පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (23) සිය සහතිකය සටහන් කිරීමත් සමග මෙය බළාත්මක විය.

මෙම නව පනත යටතේ, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීමට බලය ලබා දී ඇත. ඒ අනුව, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සන්තකයේ තබාගෙන වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කල හැක.

මෙයට පෙර තිබූ පැරැණි පනත මගින් මරණීය දණ්ඩනය නියම කෙරුණේ හෙරොයින්වලට පමණක් වූ අතර අයිස් මත්ද්‍රව්‍යය ශ්‍රි ලංකාව තුල පැතිරී එතරම් කාලයක් නොමැති නිසා එයට අදාල නීතීමය තත්වය නොතිබීම මත බොහෝ වරදකරුවන් නීතියෙන් ගැලවී ගිය නිසා මෙය ඉතා වැදගත් සංශෝධනයක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *