ආසියානූ මානව හිමිකම් සංවිධානය මගින් සංවිධානය කරන ලද “නීතිය මත පාලනය” යන තේමාවෙන් යුත් දෙදින වැඩමුළුවක් පසුගිය 20 සහ 21 දෙදින මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මෙම වැඩමුළුව මෙහෙයවීම ආසියානු මානව හිමිකම් කොමිසමේ අධයක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් සිදුකල අතර, මෙරට ව්‍යවස්ථාව අනුව රටේ ඇතිව තිබෙන ගැටළුකාරී තත්වයන් සහ ඒ සදහා සිදුවිය යුතු වෙනස්කම් පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය වන ලෙසට තෝරාගත් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මේ සදහා සහභාගී වූ අතර ඉතා ඵලදායි වැඩමුළුවක් අවසානයේ මෙම කටයුත්ත රටපුරාම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකිරීමට ද එම කණ්ඩායම එකග වන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *