කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (Smallholder Agribusiness Partnerships Programme-SAPP) සම්බන්ධව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (16) තලවතුගොඩ grand monarch හෝටලයේදී පැවැත්විණි.

ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම මෙන්ම කෘෂි ව්‍යවසායකයන් ලෙස තරුණ ප්‍රජාව බලගැන්වීම මෙම කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩ වැඩසටහන මගින් සිදු කරනු ලබන අතර ඒ මඟින් ඔවුන්ගේ ව්‍යාපාර අවස්ථාවන් සඳහා නව මාවත් ඇතිකරමින් ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සිදුකරමින් ඔවුන්ගේ නිෂ්පාදන ඉහළ නැංවීමත් නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම සම්බන්ධවත් ආදායම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධව මෙන්ම ව්‍යාපාර නගා සිටුවීම සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන අතර සම්බන්ධීකරණය කිරීමත් කරනු ලබයි.

SAPP වැඩසටහන හරහා කෘෂි ව්‍යවසායකයන් වෙනුවෙන් වූ සමාජ පිළිගැනීම ඇති කරමින් නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සකසා ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් හා මගපෙන්වීම ලබාදීම ඇතුළු කාර්යයන් ගණනාවක් මේ වන විටදී සාර්ථකව සිදු කරමින් පවතී. මේ සම්බන්ධයෙන් ප්‍රජාව තුළ පවතින දැනුවත් භාවය ඉහළ නැංවීම සදහා මාධ්‍ය දායකත්වය වඩාත් ප්‍රබල ලෙස ලබා ගනිමින් මෙම කර්තව්‍යය තවදුරටත් සාර්ථක කර ගැනීම උදෙසා මෙම වැඩසටහන පවත්වන ලදී.

SAPP වැඩසටහන හා සම්බන්ධ වෙමින් තම ව්‍යාපාර සාර්ථකත්වයට රැගෙන ගිය කෘෂි ව්‍යවසායකයන් මෙන්ම මෙම ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන මිළදී ගනු ලබන ප්‍රධාන පෙලේ ව්‍යාපාරවල නියෝජිතයෝද මේ අවස්ථාවට සහභාගීවී තම අත්දැකීම් මාධ්‍යවේදීන් හා බෙදාහදා ගනිමින් ඉතා ඵලදායි දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අමරවීර මහතා, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය වසන්තා මාපටුන මහත්මිය ඇතුළු ආරාධිතයින් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.

මේ සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයකට සහයෝගය ලබාදීමට SAPP වැඩසටහන සූදානම් බවත් ඒ සදහා පහත තොරතුරු මගින් සම්බන්ධ විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සදහන් කරයි.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)
අංක 212/A,
නාවල පාර, රාජගිරිය
දුර: 0112431426
විද්‍යුත් ලිපිනය Info@sapp.lk

ප්‍රාදේශීය කාර්‍යාල
UVA Province
Mr. Anil Jayawardhana
Tel: 071 446 06 85

Southern & Western Province
Mr. Sajith Samarasinghe
Tel: 077 375 08 81

Northern Province
Mr. R. G. Vijayarathnam
Tel: 077 441 77 66

Eastern Province
Mr. K. B. Gunarathna
Tel: 077 466 16 38

North Western Province
Mr. R. M. Gunarathna
Tel: 077 329 50 13

Central & Sabaragamuwa Province
Mr. Nishantha Gunasena
Tel: 071 359 14 59

North Central Province
Mr. Thissa Pallekumbura
Tel: 077 376 00 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *