Post Views: 370 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම 1 ට පමණ සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රෙලියානු පොලිසිය තහවුරු කළේය. පසුගිය නොවැම්බර් 02 වැනිදා රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට වාර්තා වීමත් සමඟ කල පරීක්ෂණය අනුව අනුමැතියකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී ඇත. මෙම කාන්තාව දින ගණනාවක් ඔන්ලයින් හරහා ධනුෂ්ක සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන අතර පසුව දෙන්නා මුණගැසුණු අවස්ථාවකදී මොහු ඇයට ලිංගික අතවර කළ බව පසුව වාර්තා වේ. අධිකරණයේ පෙනී සිටි ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කල අතර ඔහු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් පිටත් වන ලදී. මෙවර සංචාරයේදී 20/20 ලෝක කුසලානයේ පළමු වටයේ තරගයේදී පමණක් ක්‍රීඩාකල ධනුෂ්ක එහිදී ලකුණු 0 කට දැවී ගිය අතර සුපිරි 12 වටයට සුදුසුකම් ලබද්දීත් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තරගාවලියෙන් ඉවත් විය. ධනුෂ්ක ගුණතිලකට මෙයට පෙරත් විනය විරෝධී හැසිරීමක ඉතිහාසයක් තිබේ. ඔහු 2021 ජුලී මාසයේ ලන්ඩන් අයථා වීදි සංචාරය නිසා දුන් දඩුවම (වසර 02 ක ක්‍රිකට් තහනමක් 2023 ජුලි දක්වා සහ ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක්) ඇමතිවරුන්ගේ අනුකම්පාවෙන් අහෝසිවිය. එය ක්‍රියාත්මක වූවානම් ඔහුට ඕස්ට්‍රෙලියානු සංචාරයට ඒමට පවා අවස්ථාවක් නැත. 2021 ජුලි සිද්ධියට පෙර ධනුෂ්ක ගුණතිලක තම ඇඳුම් කට්ටලය අමතක කර දමා පල්ලකැලේ පැවති එක්දින තරගයකට පෙර ඇඳුම් කාමරයේ බීමතින් සිට හසුවිය. කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තා කළ අතර ඔහුට තරඟ 6 කට ක්‍රීඩා කිරීම අත්හිටුවන ලදී. ඊළඟ වසරේදී ටෙස්ට් තරඟයක් අතරතුර ගුණතිලක තවත් සිදුවීමකට සම්බන්ධ වූ අතර ඔහු ගේ වරද එවක පුහුණුකරු හතුරුසිංහ ආරක්ෂා කර තිබුණි. කුමන තරාතිරමක අයෙකුට උවත් නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීමේ ඉතිහාසය මෙරට මුල්බැසගෙන ඇති නිසා මෙය තවත් එක් සිදුවීමක් පමණක් වනු ඇත. කෙසේ වෙතත් පරාජයේ වේදනාවට අමතරව අවමානයේ ලැජ්ජාවද රටට ඉතිරි විය. Post navigation කැළණිවැලිය ට නව දුම්රිය මාර්ග සංඥා පද්ධතියක්. ඩයනා අතින් නිරුවත් වන මැතිවරණ කොමිසම