Post Views: 310 කොළඹ අවිස්සාවේල්ල කැළණිවැලි දුම්රිය මාර්ගයේ නව සංඥා පද්ධතියක් අද විවෘත විය. ඒ පාදුක්ක සිට වග දුම්රිය ස්ථානය දක්වා වූ කොටස සදහාය. පාදුක්ක සහ වග අතර මෙතෙක් තිබූ දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ඉතා පැරණි නිසාවෙන් නිරතුරුවම අක්‍රීයවීම් සිදුවිය. ඉන් මගී ජනතාව දැඩි අපහසුතාවන්ට පත් වූ අතර මෙම නව සංඥා පද්ධතිය සවිකිරීමත් සමග විනාඩි 20 ක පමණ කාල ඉතුරුවක් සිදුවන බව දුම්රිය බළධාරීන් සදහන් කලේය. Post navigation ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනී. ක්රිකට් පරාජයේ වේදනාව තුලට ලිංගික අතවර අවමානය ගෙන ආ ධනුෂ්ක