Post Views: 334 මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන ඇත. අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඇය ක්‍රිෂ් සමාගමේ දේශීය නියෝජිතවරිය ද වේ. ජානකී විවාහා වී සිටින්නේ ප්‍රවීන කලා ශිල්පී විජෙරත්න වරකාගොඩ මහතාගේ පුත්‍රයා වන කලා ශිල්පී ජයනාත් වරකාගොඩ මහතා සමගය. Post navigation වගවීමේ යාන්ත්රනයකට දේශපාලකයන් නතුකිරීම CAG Lanka හී අරමුණයි. කැළණිවැලිය ට නව දුම්රිය මාර්ග සංඥා පද්ධතියක්.