තනි පුද්ගල පදනමින්, රටේ දේශපාලනඥයන් වගවීම සඳහා අන්තර්ජාල ද්වාරය මත නීතිමය ගිවිසුමක් හඳුන්වා දුන් ලොව ප්‍රථම සංවිධානය Citizens for Accountable Governance Lanka (CAG Lanka) බව ආචාර්ය ජානකී කුරුප්පු සහ නීතීඥ මංගල නියරෙපොල පවසයි.

Daily FT සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සදහන් කලේ,
CAG Lanka යාන්ත්‍රණය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ, ව්‍යවස්ථාදායකයට හොඳම මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සහ දේශපාලඥයින් ඔවුන් කරන දේ සම්බන්ධයෙන් වගකිව යුතු බව ඇති කිරීම බවයි.

CAG Lanka ක්‍රියාවලිය යටතේ ඇති නියාමනයන් අනුව, මැතිවරණවලට තරඟ කිරීමට කැමති දේශපාලඥයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු අතර දේශපාලනඥයින් විසින් තම මිතුරන්ගේ, ඥාතීන්ගේ, රියදුරන්ගේ සහ ආරක්ෂකයන්ගේ නම්වලින් වත්කම් මිලදී නොගන්නා ලෙස ට ඉල්ලා සිටී.

මෙම ක්‍රමය යටතේ විදේශ බැංකුවල නීතිවිරෝධී ලෙස ප්‍රකාශ නොකළ මුදල් හා ඉපැයූ හිමිකම් ද මහා භාරකාරයා වෙත යනු ලබන අතර, මෙම ක්‍රමයට ඇතුළු වීමට දේශපාලනඥයන්ට බලපෑම් කිරීමට ඡන්දදායකයින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු බව CAG Lanka පවසයි.

යහපාලනය සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින්, දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වගවීම සහ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සහ දේපළ අත්පත් කර ගැනීම සඳහා එහි ලියාපදිංචි වන ලෙස CAG Lanka සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.

CAG Lanka ආයතනය එහි ආදර්ශ පාඨය වන ‘I am accountable’ යටතේ දේශපාලකයන්ගේ අධ්‍යාපන සුදුසුකම්, පසුබිම, ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාශයේ සිදු කරන සේවාවන් සහ යහපාලනය සඳහා වූ කැපවීම අනුව ඔවුන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීමට ඇගයීම් ක්‍රියාවලියක් ද හඳුන්වා දී ඇත.

“ඔබ රියදුරෙකු බඳවා ගත්තත් ඔහුගේ සුදුසුකම් ඔබට පෙනෙනු ඇත, නමුත් මේ රට පාලනය කිරීමට යන දේශපාලනඥයන්ගේ සුදුසුකම හෝ අධ්‍යාපන සුදුසුකම් කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. බොහෝ ඡන්දදායකයින් තම දේශපාලන නියෝජිතයන්ගේ සුදුසුකම් ගැන දන්නේ නැත. යනුවෙන් ද ආචාර්ය ජානකී කුරුප්පු සහ නීතීඥ මංගල නියරෙපොල සදහන් කරන ලදී.

ශානිකා ශ්‍රියානන්දගේ (Daily FT) වාර්තාවක් ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *