Post Views: 353 ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), Mythos Labs ආයතනය සහ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කල “අසත්‍ය තොරතුරු වළකමු” නමින් වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා වන පුහුණු වැඩසටහනක් අද (18) කොළඹ දී පැවැත්වුනි. විද්‍යුත්,මුද්‍රිත හා වෙබ් මාධ්‍යන්හී කටයුතු කරන මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ වෘත්තිකයන් රැසක් මේ අවස්ථාව සදහා සහභාගී වූ අතර මෙරට මාධ්‍ය වපසරිය තුල අසත්‍ය තොරතුරු පැතිරයාමේ විශේෂතා සහ එමගින් ඇතිකර ඇති බලපෑම, අසත්‍ය තොරතුරු හදුනාගැනීම හා ප්‍රතිචාර දැක්වීම, අසත්‍ය තොරතුරු පිළිබඳව වාර්තාකිරීම සහ අසත්‍යය තොරතුරු ජාල හමුවේ සයිබර් ආරක්ෂාව වැඩිකරගැනීම පිළිබඳ මෙම වැඩමුළුවේදී සාකච්ඡා කෙරිණි. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් ගලා ගිය මෙම වැඩසටහනේ සිංහල මාධ්‍ය වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය දැරුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍ය පුහුණුකරු කසුන් කුමාරගේ මහතා විසිනි. දමිළ මාධ්‍ය වැඩමුළුව සඳහා වෙඩිවෙලි පුවත්පතේ සංස්කාරක, මාධ්‍ය පුහුණුකරු මොහෙමෙඩ් ෆයිරූස් මහතා සම්පත් දායකත්වය දැරීය. මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වැලරි වොලෙට්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස්, මිතෝස් ලැබ් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ක් මතූර් සහ වැඩසටහන් කළමණාකාරිණී ෆයිසා සෙයිඩ් යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය. මෙරට අසත්‍ය තොරතුරු බහුලව හුවමාරුවන වර්තමානයේ කාලීන මාතෘකාවක් වූ බැවින් බොහෝ මාධ්‍ය වෘත්තිකයින් ඉතා උනන්දුවෙන් වැඩසටහන සමඟ සම්බන්ධ විය. ප්‍රවීණ මාධ්‍යවේදීන් තම වෘත්තීය අත්දැකීම් බෙදාගනිමින් වැඩමුළුව සාරවත් කළ අතර හරවත් සංවාද සහිතව වැඩසටහන සාර්ථකව අවසන් කෙරිණි. Post navigation වරෙන්තුකල සනත් නිශාන්තට අධිකරණයෙන් දුන් තීන්දුව 21 හැවිරිදි යුවතිය වෙඩි ප්‍රහාරයෙන් මරුට வவுனியா நெடுங்கேணியில் துப்பாக்கிச் சூடு : 21 வயது யுவதி பரிதாபமாக பலி