Post Views: 307 සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අදාළ ගුරුවරියගේ නර්තනයට අදාළ සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බවට පෙනී යන බවය. ඒ අනුව මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවට කාරුණිකව දන්වන බවද අදාළ නිවේදනයේ සඳහන් ව තිබේ. මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමඟ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. අනතුරුව ඒ සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇතිවූ අතර මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිද මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් කරුණු සොයා බලා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇති වාර්තාවට අනුව මෙම තීරණය ගෙන තිබේ. Post navigation ළමා දිනයේ ඩාන්ස් කරපු ටීචර්ලා ගැන ලංකා ගුරු සංගමය කියන දේ මිල්ලනිය පාසල් දරුවන්ට පොලිස් පහරදීමක්. බය කිරීමක් පමණක් කල බව ස්ථානාධිපති පිළිගනී.