අපේ රටේ ජනතාවට සල්පිල් වෙන්දේසිය අතීතයේදී නම් එතරම් අරුමයක් නොවුනේ සෑම ගමක් ගමක් පාසාම පංසල්,වෙහෙර විහාර,සමිති සමාගම් වලට ආධාර සදහා එකල ප්‍රධානතම ක්‍රමයක් වූයේ සල්පිල් වෙන්දේසියයි.

එම අලංකාරවත් සල්පිල් වෙන්දේසිය වත්මන් පරපුරට ඉතා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මාතලේ උපන් මේ සුන්දර කටකාර දැරියගේ දස්කම් දැන් ලොවපුරා පැතිරෙමින් පවතී.

මාතලේ හඳුන්ගමුව පදිංචි කේ. දිනුෂිකා ප්‍රනාන්දු යුවතිය මාතලේ හඳුන්ගමුව ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා මේ වන විට සරසවි වරම් ලබා ඇත. ඇගේ නැගනිය වන දිල්රුක්ෂි ප්‍රනාන්දු මාතලේ හඳුන්ගමුව ජාතික පාසලේ දස වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන්නීය. වසර පහක පමණ සිට මොවුන් මේ ආකාරයෙන් විරිදු කියමින් සල්පිල් වෙන්දේසි සිදුකරනු ලබන බවත් සදහන් කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *