Post Views: 290 තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDUAI) සංකේතවත් කිරීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී තාක්ෂණ අංශයේ සංවිධානයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සමාජය හා සාමයික කේන්ද්‍රය සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිශන් සභාව සමග සහයෝගයෙන් පැවැත්වූ වැඩමුළුවක් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. තොරතුරු දැනගැනීමේ පනත හා පුරවැසියෙකුට අවශ්‍යවන තොරතුරක් ඉල්ලුම් කරන ආකාරය එම තොරතුරු ලබා ගැනීමට නොහැකිවන්නේ නම් අනතුරුව කලයුතු කටයුතු ආදිය මෙන්ම තොරතුරු පනත සම්බන්ධව ප්‍රායෝගිකව පැන නගින ගැටළු පිලිබදවද මෙහිදී දීර්ඝ ලෙස දැනුවත් කරන ලදී. මේ සදහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිශන් සභාව නියෝජනය කරමින් එහි කොමසාරිස්වරයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ජගත් ලියන ආරච්චි, මාධ්‍යවේදි තරිදු ජයවර්ධන, සමාජය හා සාමයික කේන්ද්‍රය නියෝජනය කරමින් නීතීඥවරු දෙපලක්ද දේශකයන් ලෙස සහභාගී විය. Post navigation කොළඹ පොත් ප්‍රදර්ශනයටත් දැනුනු ආර්ථික අර්බුදය. සල්පිල් වෙන්දේසිය ලෝකෙටම අරන්ගිය හැඩකාර කටකාර දෝණි