Post Views: 277 ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය මෙවරත් පසුගිය 16 දා ආරම්භ වූ අතර එළඹෙන 25 (ඉරුදින) දින දක්වා පැවැත්වෙනු ලබයි. මෙවර මෙම පොත් ප්‍රදර්ශණය පවත්වනු ලබන්නේ 23 වන වරටයි. දැඩි ආර්ථික අර්බුද හමුවේ උවත් සැලකිය යුතු ජනතාවක් මෙවරත් පොත් ප්‍රදර්ශනය සදහා සහභාගී වන ආකාරයක් පෙනී ගිය නමුත් පසුගිය වාර වලට සාපේක්ෂව ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව ප්‍රදර්ශන කුටි බොහෝමයක පිරිස් සදහන් කරන ලදී. එමෙන්ම මෙවර ප්‍රදර්ශන කුටිවල අඩුවක් ද දක්නට ලැබුනු අතර අඩු මිළ පොත් කුටි (bargain book stalls) වෙතත් වෙනදා තරම් පිරිස රැස්කනු දැකිය නොහැකි විය. කෙසේ වෙතත් ජනතාව උනන්දුවකින් පොත් ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබීම යම් සුබදායක තත්වයක් බව ප්‍රදර්ශකයන් පැවසූහ. Post navigation හෙට (15) සිට මහ ජනතාවට නැරඹීමට විවෘතවන කොළඹ නෙළුම් කුළුණ තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව වැඩ මුළුවක්.