Post Views: 267 චීන එක්සිම් බැංකුවේ ණය පහසුකම් මත ඉදිකිරීම් අවසන් කල කොළඹ නෙළුම් කුළුන හෙට සිට දේශීය විදේශීය සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව ලබාදී ඇත. රුපියල් 500 ක මුදලකට හා රුපියල් 2000 ක මුදලකට ලෙස ප්‍රවේශපත් දෙකක් අනුව දේශීය නරඹන්නන්ට මේ සදහා අවස්ථාව ලබා දී ඇති අතර එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර්යාලය පවසයි. මෙම ව්‍යාජ ප්‍රවේශ පත්‍රය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීමෙන් වළකින ලෙසත්, හෙට සිට නෙළුම් කුළුණ වෙත පැමිණ එහිදී ප්‍රවේශපත්‍ර මිලදී ගෙන එය නැරඹිය හැකි බව කොළඹ නෙළුම් කුළුණ කළමණාකරණ සමාගම සදහන් කරයි. කෙසේ වෙතත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතවීම සම්බන්ධව මෙම ව්‍යාජ ප්‍රවේශ පත්‍රය පළකිරීම හරහා විශාල ප්‍රචාරයක් රටතුල පැතිරෙන ලදී. Post navigation එජාප 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ. කොළඹ පොත් ප්‍රදර්ශනයටත් දැනුනු ආර්ථික අර්බුදය.