Post Views: 366 කලාව, අධ්‍යාපනය,සෞඛ්‍ය,ආරක්ෂක,මාධ්‍ය,පරිපාලන ඇතුළු මෙරට සියළුම ක්‍රේෂ්ත්‍රයන් ආවරණය කරමින් විශිෂ්ඨයන් සිය දෙනෙකු වාර්ෂිකව තෝරා ඔවුන් ඇගයීමට ලක් කරන දැවැන්තම උපහාර සම්මාන ප්‍රධානෝත්සවයක් වන Sri Lankan top 100 awards සම්මාන රාත්‍රියේදී කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ශානී ජාසිංආරච්චි මහත්මිය ඇගයුමට ලක් කෙරුනි. කාන්තා උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස වර්ෂ 1997 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ එක් වූ ඇය සිය වසර විසිපහකට අධික පොලිස් රාජකාරි කාලසීමාව තුළදී විවිධ තනතුරු තානාන්තර දරා රටටත් සමාජයටත් ඉමහත් මෙහෙවරක් සිදු කර ඇති වෘත්තීයමය නිලධාරිනියකි.ඇය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස සටහන් තබා ඇති බිම්ශානී ජාසිංආරච්චි මහත්මියයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගස්ආර මහා විද්‍යාලයෙන් සහ තංගල්ල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බිම්ෂානී රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන් තම ප්‍රථම උපාධිය ලබාගත් අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබද පශ්චාත් උපාධිය ලබාගත්තේය. තම වසර 25 ක පොලිස් සේවා කාලය තුල දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති ඇය ඇමරිකාවේ ලුසියානා පොලිස් ඇකඩමිය යටතේ සහ ඉංදියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය යටතේත් පාඨමාලා හදාරා එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් රාජකාරී සදහා නැගෙනහිර ටිමෝරයේත් දකුණු සූඩානයේත් සේවය කරමින් ශ්‍රී ලංකා පොලීසියට මෙන්ම අප රටටත් විශාල කීර්තියක් අත්කර දුන් විශිෂ්ඨ නිළධාරිණියකි. පොලිස් සේවය තුල කාන්තා හා ළමා ආරක්ෂණය වෙනුවෙන් නිරතුරුවම තම දායකත්වය උපරිමයෙන් ලබාදෙන ඇය ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් අනතුරුව එහි අධ්‍යක්ෂ ලෙසත් විශාල කාර්යභාරයක් ඉටුකල නිසාම විවිධ අවස්ථාවන් වලදී ඇයගේ සේවය මෙරට නොයෙකුත් අංශ වෙතින් අගයන ලදී. එසේ සම්මානයන්ට පාත්‍ර වූ ඇය පසුගියදා (23) කොළඹ පදනම ආයතනයේදී පැවති මෙරට විවිධ ක්‍රේෂ්ත්‍රයන් වල විශිෂ්ඨයන් අගයනු ලබන ප්‍රධානතම සම්මාන උළෙලක් වන සියක් අභිනන්දන සම්මාන උළෙල ( Sri Lankan top 100 awards) හිදී ද ඇගයීමට ලක්කෙරුනි. බිම්ෂානී ජාසිංආරච්චි මහත්මිය වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණ දිසාව (බස්නාහිර පළාත) ලෙස තම රාජකාරී ඉටුකරනු ලබයි. Post navigation අරගල ජාතික මධ්‍යස්ථාන නමින් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යලි මවුබිමට