Post Views: 311 අරගල ජාතික මධ්‍යස්ථනය ඊයේ (24) පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ දී විවෘත කරන ලදී. අරගලයට සම්බන්ධ පාර්ශව වලට මෙන්ම වෙනත් ඕනෑම සිවිල් සංවිධානයකට මෙම ස්ථානය භාවිතා කර මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සදහා අවස්ථාව ඇති බව සංවිධායකයන් සදහන් කරන ලදී. මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් මංජුල සමරසේකර නම් ක්‍රියාකාරිකයෙකු කටයුතු කරන බවට සදහන්වේ. මේ අතර මෙම නව කාර්යාලය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් වෙත දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි. මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා ප්‍රබල දේශපාලනඥයෙකු සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇති බව තෙන්නකෝන් මහතාගේ ලිපියේ සඳහන් බව වාර්තා වේ. Post navigation සියක් අභිනන්දන සම්මාන උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වසරේ විශිෂ්ඨයන් සියය අතරට.