Post Views: 341 විවිධ ක්‍රේෂ්ත්‍රයන් තුල රටට සමාජයට වැඩදායක ලෙස කටයුතු කරමින් තම වෘත්තීය තුල කැපවීමෙන් කටයුතු කල පුරවැසියන් ඇගයීමේ සියක් අභිනන්දන සම්මාන උළෙල (Sri Lankan Top 100 Awards) අද (23) කොළඹ ශ්‍රී ලංකා පදනම ආයතනයේ දී පැවැත්විනි. අහස මාධ්‍ය ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨයන් 100 දෙනකු ඇගයීමට ලක්කර සම්මානයෙන් පිදුම් ලබනු අතර මෙවර එය පවත්වනු ලැබූයේ දෙවන වරටය. මෙදින සම්මාන ලැබූවන් අතර ලක් ඉතිහාසයේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්ෂානී ජාසිංආරච්චි, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ආචාර්ය හසන්ත හෙට්ටි ආරච්චි, සුපිලිපන් රාජ්‍ය නිළධාරිණිය ලෙස තේරීපත්වූ නිශාරී අනුරුද්ධිකා, ප්‍රවීන රංගන ශිල්පිණී රුවන්ති මංගලා, වෛද්‍ය පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බංඩාර, තාරුණයේ හදබැදි ගායක නන්දුල සිල්වා, ආශාවරී සිනමාපටයෙන් තරුණ හදවත් දිනාගත් ඉශංකා ජාන්වී ද කොස්තා, ප්‍රවීන නිවේදක/මාධ්‍යවේදී කැලුම් ශ්‍රීමාල් යන් මහත්ම මහත්මියන් ඇතුළු තවත් විවිධ වෘත්තිකයන් රැසක් විය. මෙම අවස්ථාවට හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මංත්‍රී මධුර විතානගේ, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සනත් ජයලත් යන මහත්වරු ඇතුළු සම්භාවනීයයන් රැසක් ද සහභාගී විය. Post navigation ජාතික ආරක්ෂාව, නීතිය හා මාධ්‍ය වාර්තාකරණය පිළිබදව මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් දැනුවත් කෙරේ. අරගල ජාතික මධ්‍යස්ථාන නමින් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ.