Post Views: 278 ගාළුමුවදොර අරගලයේ නිරත පිරිස හා ජනතාව අද උදෑසන දැවැන්ත පෙළපාළියකින් ගාළුමුවදොර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණ දහවල් දක්වා කල අරගලයේ ප්‍රථිපලයක් ලෙස දහවල් 2.00 ට පමණ අගමැති කාර්යාලය තුලට ඇතුල් විය. විරෝධතාකරුවන්ට තම විරෝධය අගමැති කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ සිට සිදුකරන ලෙසත් කාර්යාලයට ඇතුළුවීමට හෝ දේපළ වලට හානි කිරීමට උත්සහා නොකරන ලෙසත් ආරක්ෂක අංශ විසින් දන්වා සිටි අතර එසේ වුවහොත් කිසිදු ලෙසකින් කදුළු ගෑස් එල්ල කිරීමක් හෝ වෙනත් බලය යෙදවීමක් නොකරන බවත් පැවසීය. කෙසේ වෙතත් අරගලයේ නිරත් පිරිස් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළුවීමට දිගින් දිගටම උත්සහාකල අතර ආරක්ෂක අංශ එය මැඩ පැවැත්වීම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අඛන්ඩව සිදුකරන ලදී. වරින් වර අහසට වෙඩි තැබීම්ද සිදුකල නමුත් අවසානයේ දහවල් 2.00 ට පමණ අරගලකරුවන් කාර්යාල පරිශ්‍රය තුලට ඇතුල්විය. Post navigation ජුලි 09 මහජන අරගලයේ තෙවැනි ඇසට හසුවූ දසුන් ජනපති ගෝටාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කථානායක වෙත එවයි.