Post Views: 619 කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වර්තමාන එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථානවලදී සහ සියලුම රෝහල්වලදී එම වයස් කාණ්ඩය සඳහා ද එන්නත් ලබාදීම සිදුවේ. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙම මධ්‍යස්ථානවලදී එන්නත් ලබාදීම සිදුකෙරෙන බවය මේ අතර කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදී ද සිදුකෙරේ. Post navigation බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද – බෙහෙත ගන්නට පෙර ඇත්ත නැත්ත දැනගන්න එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි.