Post Views: 482 ගෝඨාගෝගම සහ මයිනාගෝගමට සිදුකළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සටහන් යෙදීමෙන් වැලකී ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී.2022 මැයි 09 දිනය පුරා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සිය සාක්කු සටහන් පොත්වල සහ රාජකාරි සටහන් පොත් හි විධිමත් සටහන් තබා නැති බව අධිකරණයේ දී මතුවූ කරුණකි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට කරුණු වාර්තා කරන තෙක්ම පොලීසිය මෙම ප්‍රහාරයන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර නොතිබුනි. සැකකරුවන්, ප්‍රහාරකයින්, කුමන්ත්‍රණකරුවන්, අනුබල ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුකලේද නැත. 2022 මැයි 09 සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සතියකට පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමේ දී එම තොරුතුරු විකෘති කිරීම, තෝරාගත් තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම බොහෝ විට සිදුවිය හැක. පොලිස් නිලධාරීන් සිය රාජකාරිමය වගකීමක් වන ‘සිද්ධි වාර්තා තැබීම‘ විධිමත් ලෙස ඉටු නොකර, සිද්ධියෙන් කාලයකට පසුව සටහන් තැබීමෙන් සිදුවන්නේ තොරාගත් කරුණු පමණක් සටහන් තැබීමය.පොලිස්පති නිල මැදිරිය විසින් මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති අතර එමගින්ද ඉහත කරුණු තහවුරු වේ. පොලීසිය සිය වෘත්තීය වගකීම නිසි පරිදි ඉටු කිරීමත්, දෛනික රාජකාරි වාර්තා/සටහන් තැබීමත් බලපෑමකින් තොරව සිදු කළ යුතුව ඇති බවත් ගෝල්ෆේස් පිටියේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිය දෛනික රාජකාරි වගකීම අතපසු කර ඇති නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව ද, අවධාරණය කරණ බව හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා පවසයි. Post navigation අරගලයට නවතාවයක් දුන් විරෝධතා පුවරු කැමරා ඇසින්. මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉන්දියානූ සමාගමට ලබාදීම ගැන කෝප් කමිටුවේදි හෙළිවූ කරුණු.