Post Views: 466 ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 04 කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී පැවැත්වුණා. රටේ මේ වනවිට පවතින තත්වය හේතුවෙන් සියළුම ජනතාවට ජීවත්වීම ගැටළුවක්ව පවතින මොහොතක ජනතාවත් සමග නිරතුරුවම සම්බන්ධවන රාජ්‍ය නිළධාරියා ලෙස තමන් ජනතාවගේ ප්‍රශ්න ගැන මනා අවබෝධයකින් සිටින බවත් පෙන්වා දුන් ග්‍රාම නිළධාරීවරු, ජනතාවට සහන ලබා දෙන ලෙසත්, රාජ්‍ය සේවයට දේශපාලන බඳවා ගැනීම් නවතන ලෙසත්, රාජ්‍ය සේවයේ මර්දනය නවතන ලෙසටත් යන ඉල්ලීම් ද උද්ඝෝෂණයේදී කල ඉල්ලීම් වේ. කොටුව දුම්රිය ස්ථානය අසලින් උද්ඝෝෂණයට එක් වූ ග්‍රාම ග්‍රාම නිලධාරින් පසුව පා ගමනින් ගෝල් ෆේස් විරෝධතාව පැවැත්වෙන ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙකුට බාර දී අනතුරුව අරගලයට තම සහාය ලබා දුන්නා. Post navigation රටේ මහජන විරෝධය පාර්ලිමේන්තුවට නොදැනෙන හේතුව කීර්ති තෙන්නකෝන් කියයි. අරගලයට නවතාවයක් දුන් විරෝධතා පුවරු කැමරා ඇසින්.