රටේ විරෝධය පාර්ලිමේන්තුවට ගානක් නැත්තේ ඇයි ?
පාර්ලිමේන්තුවේ විපක්ෂය – ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්

විපක්ෂයේ ලොකුම කණ්ඩායම සමගි ජනබලවේගය යටතේ මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 48 දෙනාය. ද්‍රවිඩ ජාතික සන්ධානයට 10, ක් ජාතික ජනබලවේගය (ජවිපෙ) 3 ක්, යාපනය විග්නේෂ්වරන් ගේ පක්ෂය 02, එජාප 1 ක් සහ TMTK එක් මන්ත්‍රීවරයෙකි. එකතුව මන්ත්‍රීවරුන් 65 කි.

ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 109 කි. EPDP (ඩග්ලස්) 2, TMBP 1, මුස්ලිම් කොන්ග්‍රසය 1, ACMC (රිෂාඩ්) 1 ක් සහ සජබ යටතේ තරඟ කර (ඩයනා, අරවින්ද කණ්ඩායම) 3 කි.

ආණ්ඩුව 117 කි. විපක්ෂය 65 කි. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම (ශ්‍රී.ල.නි.ප. හා පොහොට්ටුව කණ්ඩායම) 43 කි.

ලබන බදාදා (මැයි 3) පාර්ලිමේන්තුවේ මෙම සංයුතිය මුල් වරට පරීක්ෂණයට ලක්වීමට නියමිතව ඇත්තේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ ඡන්දය විමසීමක් පවත්වන්නේ නම් ය.
ශ්‍රී.ල.නි.ප. හා ස්වාධීන කණ්ඩායම් පවසන්නේ ඔවුන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව 62 ක් බව* ය. එය සත්‍යයක් නම් (පමණක්), ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 90 දක්වා පහත වැටෙන්නේ ය.
එවන් පරිසරයක (if)
ආණ්ඩුව (ගෝඨාභය) 90, විපක්ෂය (සජිත්), ස්වාධීන 62 ක් වන්නේය.
*මෙම සංඛාව ස්ථිර නැත.
මේ කණ්ඩායම් තුනට තමන්ගේ නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට නම්

  1. තවත් කණ්ඩායමක් සමඟ එකඟත්වයක් ඇති කර ගැනීම
  2. නිතරඟ ගිවිසුම අනිවාර්ය වේ.
    නැතිනම්, එක කණ්ඩයමක් ඡන්දය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම අනිවාර්ය වේ.
    ඊලඟ අගමැතිවරයා පත් කර ගැනීමේ දී මේ බල තුලනය පූර්වාදර්ශනයක්වීම නොවැලැක්විය හැකි වනු ඇත.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *