පොලොන්නරුව දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමය හා ලංකා රූපලාවන්‍ය හා කේශාලංකරණ ගුරුවරුන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් හා මනාලියන් දැක්මක් පසුගියදා (22) දවස පුරා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනු ලබන ව්‍යවසායකයින් හා කේෂ්ත්‍රයට ඇතුළු වීමට බලාපොරොත්තු වන බොහෝ පිරිසක් සහභාගී වූ අතර එදින වැඩමුළුවට සහභාගීවූ පිරිස් අතුරින් මනාලියන් දැක්මට ඉදිරිපත්වූ රූපලාවන්‍ය ශිල්ප ශිල්පිනියන් අතුරින් ජයග්‍රහකයින් ට ත්‍යාග, කුසලාන හා සහතික පත් ලබා දීමද සිදු කරන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා නිලානි මැණිකේ මහත්මියගේ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන මෙවර පවත්වන ලද්දේ දෙවන වරට වන අතර මේ සඳහා ආරාධිතයින් ලෙස ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චාන්දනී බංඩාර, ලංකා රූපලාවන්‍ය හා කේශාලංකරණ ගුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති මනෝරි ජයවීර, ලේකම් චාන්දනී සෙනෙවිරත්න, භාණ්ඩාගාරිකා ඉනෝකා කාරියවසම්, උප භාණ්ඩාගාරිකා රම්‍යා මල්කාන්ති, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂණී ඉසංකා, නස්මියා මන්සූර් යන මහත්මියන් සහභාගී වූ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකාරක කුමුදු විජේසිංහ මිය හා සමන්ත විජේසිරි මහතා සමග පොලොන්නරුව දිස්ත්‍රික් රූපලාවන්‍ය සංගමයේ සභාපතිනී ගයනි දිසානායක මහත්මිය වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී..

පොලොන්නරුව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පීන් ට මෙම අවස්ථාව තම දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් වූ බව සහභාගි වූ පිරිස් ප්‍රකාශ කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *