හලාවත, කොක්කවිල රජයේ විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට එන්නත් ලබාදී ඇති බවට වාර්තා වේ.

එම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබාදී තිබූ ෆයිසර් එන්නත මෙලෙස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට ලබාදී ඇති බව එලෙස වැඩිදුරටත් වාර්තා වී තිබේ.
එමෙන්ම එම එන්නත ලබාගැනීම සඳහා අදාල ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශවල සිට ද පුද්ගලයින් රැසක් පැමිණ ඇති බව සඳහන්ය.
එම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්වූ බව දෙරණ පුවත් වාර්ථාවල සදහන් වේ.

“වැරදි වැඩ කරන්න එපා. හදවතට එකඟව වැඩ කරන්න. ඔයාලට වැඩිය අමාරු මිනිස්සු අර පෝළිම්වල ඉන්නවා”
යනුවෙන් එන්නත් ලබාගැනීමට පෝළීම්වල සිටි ජනතාවගෙන් පෝළිම්වලට පිටින් පැමිණි පිරිසට විරෝධය එල්ල වී තිබුණි.
වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු එහි සිටි සෞඛ්‍ය අංශ සාමාජිකාවකගෙන් විමසා සිටි අතර එහිදී ඇය ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම එන්නත ලබාදෙන බවය.

පසුව, එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍ය මිතිල ගමගේ මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණයේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය.

මෙම සිදුවීම වාර්ථා වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ස්ථාන මාරුකර තිබෙනවා.

අදාල වීඩියෝව පහතින්
https://youtu.be/2CraLMK5BIU

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *