Post Views: 403 මෙතෙක් දිනක් නිරෝදායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 10,000 ක වටිනාකම සහිත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩුමල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී නිරෝදායනය වන පවුල් සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන ලෙස දන්වමින් නව චක්‍රලේඛනයක් නිකුත් කෙරේ . මේ බව සදහන් කරමින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛනය මගින් දැනුම් දී ඇත්තේ 2021/08/23 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් පරිදි මෙම නියෝගය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව මින් ඉදිරියට නීරෝධායනය වන පවුල් සදහා මෙම සහනය හිමි වනුයේ ඔවුන් අඩු ආදායම්ලාභී පවුලක් නම් පමණකි. Post navigation නිරෝධායන ඇදිරි නීති කාල සීමාවේ ජිවනෝපාය ආදායම් අහිමි වූවන්ට රජයෙන් සහන කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි.