රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බවත් අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සදහන් කලේය.
සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම පුද්ගලයන්ගේ ජන ජීවිතවලටද රට අගුළු දැමීමෙන් වන පාඩුව සුළුපටු නැතැයිද රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි වනු ඇතැයිද මුදල් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එලඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට රජය ගත් තීරණය පිලබදවද එහිදී සදහක් කල අතර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *