අද (20) රාත්‍රියේ 10.00 සිට 30 වනදා අලුයම 4.00 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කළා.

මෙම කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *