කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නගර කීපයක වෙළඳ සැල් වසා දැමීමට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව ස්වෙච්ඡාවෙන් පියවර ගත් අතර අදත් ප්‍රධාන නගර තුනක වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මාතර ඌරුබොක්ක, කිලිනොච්චිය හා හික්කඩුව යන නගර මෙසේ වසා දැමෙනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර යන නගර හෙට දින සිට වසා දැමීමට අදාළ වෙළඳ සංගම් තීරණය කර ඇත.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේකයේ වාරියපොල නගරය ද අනිද්දා සිට වසා දැමීමට තීරණය කර ඇත.

මෙලෙස වෙළෙඳ සංගම් විසින් නගරවල ඇති සිය ව්‍යාපාර වසා දැමුනද ඖෂධ අලෙවිසැල් හා ඉන්ධන පිරවුම් හල් ආදි අත්‍යවශ්‍ය සේවා යටතට ගැනෙන ආයතන වසා නොදමන බවත් වාර්තා වේ.

මේ අතර තවත් සමහර නගර වල වෙළද සංගම් මෙසේ තීරණය කර තම ව්‍යාපාර ස්ථාන වසාදැමුවද සමහර නගර වල ව්‍යාපාරිකයින් එම තීරණයට එකග නොවෙමින් තම ව්‍යාපාරික ස්ථාන තවදුරටත් විවෘතව තබා ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් සදහන් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයද එසේ ව්‍යාපාරික කොටසක් තම වෙළදසැල් වසාතැබුවද තවත් කොටසක් වෙළදසැල් විවෘතව තබා ඇති බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *