Post Views: 883 ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන රාජ්‍ය සේවයේ සුපිළිපන් නිලධාරීන් ඇගයීම මෙවරත් දිවයින පුරා විසිරී සිටින රාජ්‍ය නිළධාරීන් සැම ඉලක්ක කර “සුපිළිපන් ප්‍රණාම 2021” නමින් ක්‍රියාත්මක කෙරුනි. මෙහිදී රාජ්‍ය සේවයේ සුපිළිපන් නිලධාරින් 10 දෙනෙකු අවසන් මහා තරගයට තේරුනු අතර අනතුරුව ඉන් කේෂ්ත්‍ර 5 ක් යටතේ විශිෂ්ඨ සම්මානයට පාත්‍ර වූ නිළධාරීන් 5 අතරට එක්වූ නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා මහත්මිය පසුගියදා යලිත් ඇගයීමට ලක්විය. ඒ, රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසිනි. විශේෂයෙන්ම නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා මහත්මිය සේවය කරනුයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹදුරය ග්‍රාම නිළධාරී වසමේ ග්‍රාම නිළධාරිනිය වශයෙන් නිසා ගම්පහ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය ලෙස මෙලෙස ඇයව ඇගයීමට ලක් කෙරුනි. රාජ්‍ය නිළධාරීන් මෙලෙස තම වෘත්තීය කටයුතු මහජන සුබසෙත උදෙසා රාජකාරියෙන් ඔබ්බට ගොස් ඉටුකිරීම අගයීමට ලක්වීම ඉතා අඩුවෙන් සිදුවන තත්වයක් තුල අප නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා මහත්මිය ගෙන් ඇය ලැබු මෙම ඇගයීම පිළිබදව ඇයගේ අදහස් විමසූ අතර, එහිදී, “තමන් කිසිදු විටෙක සම්මාන හෝ ඇගයීම් උදෙසා තම රාජකාරිය නොකල බවත්, අප සැමවිටම හෘදසාක්ෂියට එකගව අවංකව තම රාජකාරිය ඉටු කිරීම හා සම්මත රාමුව තුලටම කොටුව නොසිට තම සේවාව ඉටු කිරීමට කටයුතු කිරීම සෑම රජයේ සේවකයෙකුගේම අරමුණ විය යුතු බව” සදහන් කලාය.එමෙන්ම, “අප සැම විටම වපුරන දෙයෙහි ප්‍රථිපල අස්වැන්න ලෙස නෙළාගනීමට සිදුවන බව තේරුම් ගෙන කටයුතු කලයුතු බවත් මෙම ඇගයීම් තමන්ට පුද්ගලිකව ලද දෙයක් නොව මේ රටේ අවංකව හා කැපවීමෙන් රාජකාරී කරන සුවහසක් රාජ්‍ය නිළධාරීන් උදෙසා ලද ඇගයීම් ලෙස සලකන බවත්” ප්‍රකාශ කලාය. නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා මහත්මිය කෝවිඩ් ව්‍යසනය ආරම්භක අවස්ථාවේ සිට එය ඉතා උග්‍රව පැවති අවස්ථාවලත් තම කොට්ඨාශයේ ජනජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කල බව ප්‍රදේශවාසී ජනතාව අප ප්‍රාදේශීය වාර්ථාකරුවෙත තම අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. තම රාජකාරී සීමාවෙන් ඔබ්බට ගොස් ඇය විසින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ව්‍යවසායකයින් 250 කට ආසන්න ප්‍රමාණයක් බිහිකිරීමට කටයුතු කර ඇති අතර ඒ තුලින් විශාල පවුල් සංඛ්‍යාවක් යැපුම් මානසිකත්වයෙන් දුරුකර ස්ව උත්සහයෙන් නගා සිටුවන්නට කැපවූ නිළධාරිණියකි.එමෙන්ම, ඇය මේ වනවිටත් සිලෝන් ටී ලොවපුරා ප්‍රචලිත වූ ආකාරයටම මෙරට නිල්කටරොලු තේ Srilankan Blue Tea ලෙස ප්‍රචලිත කිරිමට මහත් වෑයමක් ගනිමින් සිටියි. මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නිශාරි මහත්මිය විවෘත විශ්වවිද්‍යාලයේ නීතී උපාධි අපේක්ෂිකාවකි. 2014 වසරේ ග්‍රාම නිළධාරිනියක් ලෙස රාජ්‍ය සේවයට එක්වූ ඇය සමස්ථ රාජ්‍ය සේවයටම ආදර්ශයක් වන බව නොඅනුමානය. https://fb.me/e/1rv4TROj1 Post navigation මුලතිව් හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண் කාන්තා ව්‍යවසායකයින් නගාසිටුවීමට රූපලාවන්‍ය වැඩමුළුවක් පොලොන්නරුවේ දී.