Post Views: 406 මාරාන්තික කොවිඩ් වසංගතය හේතුවෙන් ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සියලුම ටෙලි නිර්මාණවේදීන්ගේ හා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන් සිදුකල ඉල්ලිම පහත සදහන් වේ. ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වසංගතයට අප සංසදයේ හිටපු සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු විධායක සභික සහෝදර සහෝදරියන්, සාමාජික සහෝදර සහෝදරියන් ඇතුළු ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ නියුතු 100 කට වැඩි පිරිසක් මේ වනවිට ගොදුරුව පීඩා විඳින බව ඔබ දැනටමත් දන්නා කරුණකි.එමෙන්ම අපගේ නිර්මාණ රස විඳින අපගේ ප්‍රේක්ෂක ජනතාව ද ඉතා අවාසනාවන්ත ලෙස දිනකට සිය ගණනින් එම වසංගතයට ගොදුරු වන බවත් විශාල පිරිසක් රෝහල්වල මෙන්ම තම නිවෙස් වල තම ජීවිතය බේරා ගැනීමට මාරයා සමග සටන් කරන බවත් අසන අප තුළ ඇත්තේ දරාගත නොහැකි අප්‍රමාණ වූ සාතිශය සංවේගයකි.මෙම මාරාන්තික වසංගතයට ගොදුරු වීමෙන් අප සහෝදර සහෝදරියන්ට මුහුණපාන්නට වන අසීරුතාව පිළිබඳ ලද අත්දැකීම් මත ටෙලි නිර්මාණ අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් ඇතුළු ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ නියුතු බොහෝ අය ටෙලි නිර්මාණ කාර්යය තාවකාලිකව අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අප සංසදයෙන් ඉල්ලීම් කර ඇති බව මෙහිලා සිහිපත් කරමු.පළමු අවස්ථාවේදී විකාශය වෙමින් පවතින ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෑදීමට සෞඛ්‍ය බලධාරීන් සමග අප සංසදය මැදිහත්ව කටයුතු කරන ලද අතර අනතුරුව සියලු ටෙලි නාට්‍ය රූගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන ලබාදෙමින් නිර්මාණවේදීන්ගේ ජීවනෝපාය රැකගැනීම ඒ ඒ අවස්ථාවල අප සංසදය අවශ්‍ය පියවර ගෙන ඇත.එය එසේ වුවත් මේ වනවිට දිවයින තුල පවතින බියකරු මාරාන්තික තත්වය නිසාම කොවිඩ් වසංගතයෙන් ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයන්හි නියුතු සහෝදර සහෝදරියන් ගේ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාන්විතයට ටෙලිනිස ට මැදිහත් වීමට සිදුව ඇත.මේ වන විට වසංගතයේ බිහිසුණු බව තේරුම්ගෙන ටෙලිනාට්‍ය රූගත කිරීම තාවකාලිකව නවතා දමා ඇති අප සංසඳයේ හිටපු සභාපති වත්මන් විධායක සභික ආනන්ද අබේනායක මහතා ඇතුළු නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් ට අපගේ ප්‍රණාමය මෙහිලා ගෞරවයෙන් පුදකරමු. ඔවුන් සැබැවින්ම තම ජීවිතය මෙන්ම රංගන ශිල්පීන් මෙන්ම කාර්මික ශිල්පීන්ගේ ජීවිතයද මුදලට වඩා වටිනා බව තේරුම්ගත් මානව හිතවාදී නිර්මාණවේදීන් බව කෘතවේදීව සිහිපත් කළ යුතුය.පවතින බියකරු තත්වය අප කිසිවෙකුට පාලනය කරගත නොහැකි නිසා අපෙන් එකකු ගේ මරණය අපට පිරිමැසිය නොහැකි මෙන්ම විද දරා ගත නොහැකි පාඩුවක් වන නිසා අප සමඟ එක්ව කටයුතු කරන සහෝදර නළු නිළියන් කාර්මික ශිල්පීන් ඇතුළු සියලු අප හිතාදරයන්ගේ ජීවිත කොරෝනාවට බිලි නොදී ටෙලි නිර්මාණ කාර්යය තාවකාලිකව නවතා නළු නිළියන් ඇතුළු නිර්මාණ කාර්යයන්හි නියුතු සියලු ක්ෂේත්‍ර වල ශිල්පීන් ගේ ජීවිත සුරැකීමට කටයුතු කරන ලෙස ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදන ආයතන සහ නිෂ්පාදන කටයුතු කරන නාලිකා ප්‍රධානීන්ගෙන් සියලු ටෙලි නිර්මාණවේදීන් වෙනුවෙන් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.ස්තුතියි,මෙයට විශ්වාසීනීතිඥ ඩග්ලස් සිරිවර්ධනසභාපතිටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය නාලන් මෙන්ඩිස්ලේකම්ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය අදාල ලිපිය පහතින් Post navigation කොවිඩ් -19 ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගත යුතු හා පිළිපැදිය යුතු කරුණු තවත් නගර කිහිපයක් වසා දැමීමට වෙළද ප්‍රජාව තීරණය කරයි