Post Views: 469 කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව මේ වන විට විශාල සංඛ්‍යාවක් නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා පෙන්නුම් කරයි. කළුතර කොරෝනා අතරමැදි මධ්‍යස්ථානයේ සහ මතුගම දිස්ත්‍රික් රෝහලේ වැඩබලන විශේෂඥ වෛද්‍ය සිංසි සමරවික්‍රම මහත්මිය පවසන්නේ නිවාසවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙන්ම තමන් සමග වාසය කරන අනෙකුත් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද විමසිලිමත් විය යුතු බව හා යම්කිසි අපහසුතාවක් දැනෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර හෝ රෝහල් ප්‍රතිකාර ලබා ගත යුතු අතර රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර කල් තියා හඳුනා ගැනීම අතිශය වැදගත් වෙන බවයි. කොවිඩ් -19 ආසාදිත වී ඔබ නිවසේ රැඳී සිටින්නේ නම් දැනගතයුතු කරුණු කිහිපයක් ඇය පෙන්වා දෙයි. නිවසේදි කළයුතු දෑ…දොර වසා ඇති වෙනම කාමරයක සිටින්න, අනිත් අය මුණ ගැසීම අවම කරන්න.තමන්ගේ බඩුබාහිරාදිය (පිඟාන, කෝප්ප, ඇඳ ඇතිරිලි ) හවුලේ භාවිත නොකරන්නකාමරයෙන් පිටතට යන සෑම විටම මුහුණු ආවරණය නාසය හා මුව තදින් වැසෙන ලෙස නිවැරදිව පළදින්න.මුහුණු ආවරණය පැළදීමට පෙර දෑත් සබන් ගා හොඳින් සෝදන්න.පාවිච්චියට ගත් මුහුණු ආවරණ තැන තැන නොදමන්න.මුහුණු ආවරණය පැළඳීමෙන් පසුද දෑත් සබන් යොදා හොඳින් සෝදන්න.සෑම විටම අන් අය සමග මීටර් 2 ක පරතරයක් තබාගන්න.ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න (2L -3L)සමබර අහාර වේලක් ගන්නදුම්බීම හා මත්පැන් ඉතා අහිතකරයි. ඉන් වැලකෙන්න.හැකි පමණ විවේකීව සිටින්න. කාමරය තුළ ඇවිදින්න. බර වැඩවලින් වලකින්න. ශරීරය අධික ලෙස මහන්සි කිරීමෙන් නිව්මෝනියා තත්ත්වය දරුණු විය හැක.නිවස අතුගෑම, රෙදි සේදීම ආදිය අවම කරන්න. එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු වල පමණක් නියැලෙන්න.හැකි සැම විටම දකුණු හෝ වම් ඇලයට හැරී නිදා ගන්න. උඩුබැලි අතට නිදා ගැනීම අවම කරන්න.නිදාගත යුතු ආකාරය හන්දි වේදනාව, නාසයෙන් දියර ගැලීම, වියළි කැස්ස, උගුරේ කැක්කුම, කෑම අප්‍රියතාව, ගඳ සුවඳ දැනීම අඩුවීම, යන රෝග ලක්ෂණ සුලබයී, එවිට කලබල නොවන්න. ඔබට පහත රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න.අධික වමනය හෝ පාචනයදින දෙකකට වඩා පවතින තද උණ (>100°F)පපුවේ එකදිගට පවතින වේදනාවඅසාමාන්ය ලෙස දහඩිය දැමීම සමග මහන්සි ගතියහුස්ම ගැනීමේ අපහසුව/ කෙටි හුස්ම වේගයෙන් වැටීමසුළු කාර්යයකට පසුව ඔබට පෙර නොතිබූ මහන්සියක් දැනීමසිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% වඩා ඉහළ අගයක් වීම රෝගියෙකුට උපකාර කරන ඔබනිවැරදි ලෙස මුහුණු ආවරණය පැළඳීම අනිවාර්යයි. භාවිතයෙන් පසු එය නිසි පරිදි ඉවත දමන්නඋපස්ථාන කිරීමෙන් පසු හා මුහුණු ආවරණය ගැලවූ පසු හා ආහාර පිළියෙළ කිරීමට පෙර නිසි ලෙස ඔබේ දෑත් සබන් යොදා සෝදන්න (තත්පර 30 ක් )රෝගියාගේ ශාරීරික ශ්‍රාවයන් පිරිසිදු කිරීමේ දී අත්වැසුම් භාවිත කරන්න. එසේ නොහැකි අවස්ථාවලදී දෑත් හොඳින් සබන් යොදා සෝදන්න. කොවිඩ් 19 රෝගය සුව වූ පසුඔබට සිරුරේ තරමක අප්‍රාණික බව වියලි කැස්ස, ඇඟපත වේදනාව පැවතිය හැක.නිවසේ එදිනෙදා වැඩ කටයුතු කිරීම සුදුසුය. නමුත් සති 2ක් පමණ වෙහෙසවන ආකාරයේ වැඩ වලින් වැලකෙන්න.කොවිඩ් රෝගය ඔබගේ මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහිද බලපෑම් ඇති කරයි.මෙවැනි වසංගත තත්ත්වයකදී රැකියාවේ අවිනිශ්චිත බව, ජීවිත අවදානම, බලාපොරොත්තු කඩවීම, බොහෝ දෙනෙක්ට පවතින ගැටලුය.මෙම ගැටලු ඔබට පමණක් පවතින ගැටලු නොවේ. ඔබගේ මානසික සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට උපදෙස්… නිතර රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීම නවතා විවේක ගන්නඔබේ ආදරණීයන් සමගින් කාලය ගත කරන්නවිනෝදාංශ වල නියැලෙන්නරෝගය සුව වූවන් සමග ධනාත්මක තොරතුරු බෙදා ගන්න. Post navigation දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 16 වන ස්ථානයේ කොවිඩ් වසංගත තත්වය නිසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිදු කළ ඉල්ලීම.