ඊයේ (17) දිනයේ වාර්තා වූ ආසාදිත මරණ 171 ක් සමග ශ්‍රී ලංකාව දෛනික කොරෝනා මරණ සිදුවුන රටවල් අතරින් 16 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා විය.
මෙම දෛනික මරණ වාර්තාවිම අතුරින් ඉහළින්ම වැඩිම මරණ වාර්තා වී තිබූ රටවල් වන්නේ ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ඉන්දුනීසියාවේ ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 1180 ක් සිදුව ඇත.
කලාපයේ අපට ආසන්නතම රට වන ඉන්දියාවේ ඊයේ දිනයේ දී මරණ 407 ක් සිදු වූ අතර ඔවුන් හත්වන ස්ථානයේ සිටින බව දත්ත අනුව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින තත්වය ඉතාමත් බරපතල බැවින් කුමන හෝ කොරෝනා මර්ධන එන්නතක් ලබා ගෙන හැකිතාක් නිවෙස් වලට වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *