කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 32 ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

මෙයට පෙර නගර ගනනාවක් මෙම තීරණය ගෙන තිබූ අතර මේ වන විට එම සමස්ත නගර ගණන 32 ක් ලෙසට ඉහල ගොස් ඇත. මෙතෙක් රජයෙන් රට සම්පූර්ණ වසා දැමීමකට හෝ අර්ධ වශ‍යෙන් වසා දැමීමකට තීරණයක් ගෙන නොමැති පසුබිමක වෙළද ප්‍රජාව තම ව්‍යාපාරික බලප්‍රදේශ වල ආසාධිතයන් සංඛ්‍යාව ඉහල යාම නිසා මෙම තීරණය ගත් බව එකී නගර වල ව්‍යාපාරික ප්‍රජාව අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

ත්‍රිකුණාමලය, හලාවත, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ, අලව්ව, කොඩිකාමම්, බදුල්ල, දිවුලපිටිය, බලංගොඩ, බණ්ඩාරවෙල, වැලිගම, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලිඅත්ත, කෑගල්ල, වලපනේ, මාතලේ යටලවත්ත යේලක්කරය, ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරඳගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, අම්පාර, මාතලේ පලාපත්වල මඩවල උල්පත, උඩවලව මෙසේ වසා දැමුනු නගර වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *