පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැකි බවත්, බුසල් 100 ක් අක්කරයට ගන්නා කුඹුරු වල මෙවර බුසල් 20-25 ක් පමණ ලැබීමට ඉඩ ඇති බවත් එම ප්‍රමාණයත් කුඹුරු සී සෑමට සහ අස්වනු නෙලීමට කුලිය ලෙස ගෙවීමේදී තම කෑමටවත් වී ටිකක් ඉතිරි නොවනු ඇති බව අනුරාධපුර තිරප්පනය පෑතිස්රඹෑව ගම්මානයේ ගොවීන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පෙන්වා දුන්හ.

ගොවීන් මේ බව ප්‍රකාශ කර සිටියේ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ පැවති සාකච්ජාවකදීය. රාජ්‍ය අමාත්‍ය වරයාගේ විමධ්‍යගත මුදලින් පෑතිස්රඹෑව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය වෙත ප්ලාස්ටික් පුටු බෙදා දීමට සහභාගී වූ අවස්ථාවේදී පොහොර නොමැතිකමින් තම ගොවිතැන් විනාශ වන බවට ගොවීන් අමාත්‍යවරයාට පැවසීය.

තම ගැටළු ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ගොවීන්, දැන් ගොයමට මාසයක් වෙනවා තාම ගස් ඉස්සිලා නෑ, ගොයමට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවැහැකි කුඹුරට ගිහින්ම බැලුවොත්, ගොඩ ගොවිතැනත් ඒ වාගේ තමයි, හැමදේම ඒ වාගේ, හිටි හැටියේමනේ මේ වෙච්ච දේ වුණේ, බටු හදලා තියෙනවා, බටු ගහක් අඩි 02 ක් විතර උස ඇති ඔක්කොම කහ වෙනවා, ඒවාට යූරියා පොහොර අනිවාර්යෙන්ම ඕන වෙනවා. දැන් තියෙන බීජ තෙල් පොහොර වලට හුරු කරලානේ තියෙන්නේ, තෙල්- පොහොර නැති වෙනකොට මේවායේ ඵලදාවත් නෑ. නිකං වඳ ගහ වගේ තියෙනවා. මෑ කරල් ටිකක්වත් හරි යන්නේ නෑ පොහොර නැතිව. කෘමි නාශක ගැහුවට ඒ ඉන්න පණුවෝ මැරෙන්නෙත් නෑ, දවස් 45 න් අස්වැන්න ලැබෙන දෙමුහුන් බීජ තියෙන්නේ, දවස් 45 න් අස්වැන්න ගන්න නම් ඒවාට අනිවාර්යෙන් රසායනික පොහොර ඕන, නැත්නම් ඉතින් හැදෙන්නේ නෑ, එහෙම නැත්නම් දේශීය බීජ නිෂ්පාදනය කරලා ඒවා බෙදා හැරලා ඉන්න ඕන කොම්පෝස්ට් වැඩේට යන්න නම්. එහෙම වුණොත් සාර්ථක වෙයි. අපේ තිබුණ දේවල් නෑනේ දැන්, බණ්ඩක්කා ඇටේ ඉඳන් කිසිම දෙයක් නෑනේ. දැන් තියෙන බීජ වලට හිටවන්න ඉස්සරලා වලට පොහොර දාන්න ඕන, හිටවලා සතියේ ඉඳලා පොහොර දාන්න ඕන, දවස් 15-20 ක් පහුවෙලා දැම්මට ඒකෙන් නිසි ආදායමක් ගන්න බෑ. යනුවෙන් පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

ගොවිතැන අසාර්ථක වුණොත් ඒක බලපාන්නේ අපිට විතරක් නෙමෙයිනේ, රටේම ජනතාවට බලපානවනේ, ටී.වී එකේ කියනවා සේරම වගා කරලා තියෙනවා කියලා. ගොවිමහත්වරුනේ දන්නේ වගා කරලා තියෙන ප්‍රමාණය. යනුවෙන් පැවසීය.

https://www.facebook.com/DDWORK1/videos/392247742635429/

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *