Post Views: 388 ආසියාවේ මුල්ම ගුවන්විදුලිය, ජාතික ගුවන්විදුලිය ආරම්භ කර වසර 96ක් සපිරීම නිමිති කොටගෙන දානමය පිංකමක් පසුගියදා සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විනි. මෙම අවස්ථාවට, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ අතර අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර, ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂක හෂීම් ඕමාර් යන මහත්වරු ඇතුළු ගුවන්විදුලි කාර්ය මංඩලය සහභාගී විය. වර්ෂ 1925 ජුනි මස 27 වැනිදා ලංකා ගුවන්විදුලිය මෙරට පිහිට වූයේ ආසියාවේම පුරෝගාමී ගුවන්විදුලිය වශයෙනි. එහෙත් නිල වශයෙන් ගුවන් විදුලි විකාශනයක් ආරඹීම සටහන් වන්නේ 1925 දෙසැම්බර් 16 වැනිදාය. මෙලෙස ඇරඹි ලංකා ගුවන්විදුලිය ක‍්‍රියාත්මක වූයේ පොදු සේවා සංකල්පයට අනුවය. 1950 දී වෙළෙඳ සේවය ඇරඹෙන තෙක් වාණිජ අරමුණු ලංකා ගුවන්විදුලියට නොවීය. අනතුරුව 1967 වසරේ ජනවාරි මස 05 වන දින සිට මෙය ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත් විය. වර්තමානයේ විවිධ ගුවන්විදුලි නාලිකා හතු පිපෙන්නාක් මෙන් මෙරට බිහි වුණ ද ඒවායේ ගුණාත්මකභාවය හා ප‍්‍රමිතිය පිළිබඳ ගැටළු ඇති වුවද, 96 වසරක් සපිරෙන ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තවමත් මෙරට ලාංකීය අනන්‍යතාව සුරකිමින් සදාචාර සම්පන්න භාෂාමය මාධ්‍ය භාවිතයක් සමාජගත කිරීම තම ප්‍රමුඛතම වගකීමක් ලෙස සලකමින් කටයුතු කරනු ලබයි. Post navigation අධිකරණයේ වාරණ නියෝග නිසා GMOA එකට වර්ජන කල නොහැකියි. – වෛද්‍ය රුක්ෂාන් කියයි. පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු වියහැකි බව වී ගොවියන් කියයි.